උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් තමන්ට අහිමි වූ දේපළ සඳහා මෙතෙක් වන්දි ගෙවා නොමැති බවට චෝදනා කරමින් ඇල්ල ප්‍රදේවාසීන් පිරිසක් ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
එම විරෝධතාකරුවන් ප්‍රකාශ කළේ මෙම ව්‍යාපෘතිය හේතුවෙන් මේ වනවිට තමන්ට බීමට අවශ්‍යය පානීය ජලයවත් නෙැලැබෙන බවයි.
250ක පමණ පිරිසක් මෙලෙස එම කාර්යාලයේ ප්‍රධාන දොරටුව අභියසට වී විරෝධතාවයේ නිරත වන අතර ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන්ට ලබාදෙන වන්දි මුදල් කඩිනමින් ලබාදෙන ලෙසය.
ඇල්ල, හීල්ඔය, බොරලන්ද, පල්ලෙරුව ආදී ගම්මාන රැසක ජනතාව ද මීට එක්ව සිටි.