January 30, 2017

ඉන්දියාවත් කළු පටි පැළද තරගයට – නායක කෝලි සියල්ල හෙළිකරයි…..

ඉන්දියාවත් කළු පටි පැළද තරගයට – නායක කෝලි සියල්ල හෙළිකරයි…..

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ පුහුණුකරු වන රාජේෂ් සවන්ත් ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර විදෙස් වාර්තා සදහන් කලේ මළ සිරුර මුම්බායි නුවර හෝටලයක තිබී සොයාගෙන ඇති බවයි.
එහි නවාතැන් ගෙන සිටි ඔහු හෘදයාබාධයකින් මියගොස් ඇති බවයි ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය නිවේදනය කළේ.

ඉන්දීය යොවුන් කණ්ඩායමේ පුහුණුකරු රාජේෂ් සවන්ත් මුම්බායි නුවරට පැමිණ ඇත්තේ එංගලන්ත යොවුන් කණ්ඩායම සමග පැවැත්වෙන තරගාවලියක් සඳහා ඉන්දීය යොවුන් පිල පුහුණුකිරීම සඳහා වන අතර එම පුහුණූ සැසිය සඳහා රාජේෂ් සවන්ත් නොපැමිණිමත් සමග ඒ පිළිබඳ සොයා බැලීමේදී ඔහුගේ මළ සිරුර හෝටල් කාමරයේ තිබී සොයා ගැනුනා.

ඉන්දීය යොවුන් ක්‍රිකට් පිලේ පුහුණුකරුගේ අභාවයට ශෝකය පලකරමින් එංගලන්තය සමග  පන්දුවාර විස්ස තරගයට ඉන්දීය කණ්ඩායම එක්ව සිටියේ කළු පටි පැළඳයි.

January 29, 2017

අලුත් බෝලයක් ගන්න සල්ලි නැතුව අපි ගියේ සතොසට – දිල්ශාන් තම ජිවිතයේ අනුවේදනීය කතාවක් හෙළිකරයි.. (Video)

අලුත් බෝලයක් ගන්න සල්ලි නැතුව අපි ගියේ සතොසට – දිල්ශාන් තම ජිවිතයේ අනුවේදනීය කතාවක් හෙළිකරයි.. (Video)


කළුතර විදුහලෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය ජයගත් ටි.එම් දිල්ශාන් තම ක්‍රිකට් ජීවිතයේ කවුරුත් නොදත් රහසක් කළුතර විදුහලේ වර්තමාන සිසුදරුවන් අතරේ හිදිමින් මාධ්‍යයට හෙළිකළ අපුරු වීඩියෝවක් අපට ලැබී ඇත.


ලොක්කෝ පරාජය වෙද්දී පොඩ්ඩෝ උඩින්ම දිනපු දකුණු අප්‍රිකා සංචාරයේ ඇත්ත කතාව මෙන්න.. (Photo/Video)

ලොක්කෝ පරාජය වෙද්දී පොඩ්ඩෝ උඩින්ම දිනපු දකුණු අප්‍රිකා සංචාරයේ ඇත්ත කතාව මෙන්න.. (Photo/Video)

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවතී පළමු එක්දින තරගයෙන් කඩුලු 8ක අමිහිරි පරාජයක් ලබන්නට ශ්‍රී ලංකාවට අද සිදුවිය. කෙසේවෙතත් මේ අතරවාරයේ තුන්කොන් තරගාවලියක අවසාන මහා තරගයකට ප්‍රබල  දකුණු අප්‍රිකාවට එරෙහිව සහභාගී වූ වයස 19න් පහල ලංකා කණ්ඩායම එම තරගාවලියේ ශුරතාව ජයගන්නට සමත්විය. ඒ අවසන් මහා තරගයේදී දකුණු අප්‍රිකාව ලකුණු 77කින් පරාජය කරමින්..

එම තරගයේ ලකුණු සටහන සහ පළමු එක්දින තරගයේ ලකුණු සටහන් වීඩියෝ සියල්ල පහතින් දක්වා ඇත..

වයස 19න් පහල තරගයේ ප්‍රතිපල….


එක්දින තරගයේ ලකුණු සටහන සහ වීඩියෝ සටහන්…..

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පළමු එක්දින තරගයේ ශ්‍රී ලංකා ඉනිම….





ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පළමු එක්දින තරගයේ දකුණු අප්‍රිකා ඉනිම….

January 28, 2017

කුලසේකර පිති කරුවන් අතර අංක තුනට.!

කුලසේකර පිති කරුවන් අතර අංක තුනට.!
Image result for nuwan kulasekara

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන එක්දින තරගාවලිය සදහා සහබාගී වීම සදහා නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතය තරුණ නවක ක්‍රීඩකයන් රාශියකගෙන් සමන්විත වේ.

ශ්‍රී ලංකා සංචිතයේ සිටින පිතිකරුවන් එක්දින තරග වල ලබාගෙන ඇති ලකුණු එකතුව අනුව පෙළගැස්වූ විට තුන්වන ස්ථානයට වැඩිම ලකුණු ලාබියා වන්නේ මදවේග පන්දු යවන්නෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන නුවන් කුලසේකරයි.

සංචිතයේ සිටින වැඩිම ලකුණු ලාබියා වන්නේ උපුල් තරංග වන අතර ඔහු තරග 193ක දී ලකුණු 5623ක් ලබාගෙන ඇති අතර චන්දිමාල් තරග 119කදී ලකුණු 3033 ක් ලබාගෙන සිටී,කුලසේකර එක්දින තරග 178 කදී ලකුණු 1289ක් ලබාගෙන ඇත.

කුලසේකරට පසුව වැඩිම ලකුණු ලාබියා වන්නේ තරග 17ක ට පමණක් සහබාගී වෙමින් ලකුණු 569 ක් ලබාගෙන ඇති කුසල් මෙන්ඩිස්ය.

AB ඩ්විලියස් ලංකාව ගැන කියපු අමුතු කතාවක් කරලියට…

AB ඩ්විලියස් ලංකාව ගැන කියපු අමුතු කතාවක් කරලියට…

දකුණු අප්‍රිකා ක්‍රීඩා ලෝලීන් තෙවන T 20 තරගය නැරබීමට දහස් ගණනින් එකතු වුයේ එම තරගයයෙදී ඔහුන්ගේ වීරයෙක් වන ab ඩිවිලියස් නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සම්ප්‍රාප්ත වීම නිසාවෙන් වුවත් ඔවුනගේ එම ආශ්වාදය විනාඩි කීපයකට සීමාකළ ශ්‍රී ලංකා පිතිකරුවන් තරගයේ ජය සහ තරගාවලියේ ජය තමන් සතු කර ගත්තේ එක්දින තරගාවලියටද රතු එලි දල්වමිනි.

දකුණු අප්‍රිකා නායක ඩිවිලියස් ශ්‍රී ලංකා කණ්ඩායම පිලිබදවඅමුතු අන්දමේ අදහසක්  දක්වා ඇත.
“අපිට හැගෙන විදියට ලංකාවට වඩා දක්ෂතා සහ හැකියාවන්ගෙන් පිරුන කණ්ඩායමක් අපිට ඉන්නේ,හැබැයි මේ වෙලාවේ හරිම අවදානම් කණ්ඩායමක් තමයි ලංකාව,තරුණයෝ ටික තදින්ම වැඩේට බැහැල ඉන්නේ අපි ඒ ගැන හොද අවදානයෙන් ඉන්නේ..”

November 3, 2016

සිම්බාබ්වේ ‘දණ ගැස්වූ සටනේ’ සැඟවුණු වාර්තා රැසක්

සිම්බාබ්වේ ‘දණ ගැස්වූ සටනේ’ සැඟවුණු වාර්තා රැසක්
Image result for zimbabwe vs sri lanka 2016
සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කර හරාරේහිදී ඊයේ (02දා)අවසන් වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 225ක දැවැන්ත ජයක් ලැබීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩාම සමත් වුණා.
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර පැවති 16 වැනි ටෙස්ට් තරගය මෙය වූ අතර, ඉන් ශ්‍රී ලංකාව ලැබූ 11 වැනි ජයග්‍රහණය මෙය වනවා.
1999 වසරේදී අවසන් වරට ශ්‍රී ලංකාව හමුවේ හරාරේහිදී පැවැති ටෙස්ට් තරගයක් ජයපරාජයෙන් තොරව අවසන් කරගැනීමෙන් පසු දෙරට අතර ටෙස්ට් තරග 05ක් පවත්වා තිබෙනවා.
එම තරග සියල්ල ඉනිමක් සහිතව පරාජය වීමට සිම්බාබ්වේට සිදුවුණා.
අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම, සිම්බාබ්වේ හා ටෙස්ට් තරගයකදී හමුවී ඇත්තේ 2004 වසරේදී වන අතර, බුලවායෝහිදි පැවැති එම තරගයෙන්ද ශ්‍රී ලංකාව ඉනිමක හා ලකුණු 254ක ජයක් ලැබුවා.

October 13, 2016

ඕස්ට්‍රේලියා දකුණු අප්‍රිකා අවසන් එක්දින තරඟයේදිත් ලොකු දෙයක් වෙලා

Cricket
ක්‍රිකට් Cricket තරග අතරතුර ක්‍රීඩකයින් ගැටුම් ඇතිකර ගැනීම මේ වෙන කොට විලාසිතාවක් වෙලා.
ඊට හොදම උදාහරණය මෑතකදී සිදුවුනු බංග්ලාදේශ සහ එංගලන්ත ක්‍රීඩකයින්ගේ වචන හුවමාරුව. එය හැමකෙනෙක්ගේම කතාබහට ලක්වුන සිදුවීමක් බවට පත් වුණා.
බංග්ලාදේශය සහ එංගලන්තය අතර ඊයේත් එවැනි වචන හුවමාරුවක් සිද්ධ වුණා.
ඒ ගැන මීට පෙර ඔබව දැනුවත් කළා.
දැන් අපි කියන්න යන්නේ ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ පැවැති අවසන් මහා තරගයේදී ද ලොකු වචන හුවමාරුවක් සිද්ධ වුණා.
මේ සිදුවීම ඇති වුනේ දකුණු අප්‍රිකානු ක්‍රීඩක මොහොමඩ් තාහීර් සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් අතරයි.
ඩේවිඩ් වෝනර් සහ තාහීර් අතර ඇතිවුනු වචන හුවමාරුව පහතින් බලන්න…

ඩේවිඩ් වෝනර් 173ක් ගැහුවත් කැන්ගරුවන්ගේ සායම ගැලවෙයි