පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහනය වෙනුවෙන් කැපීපෙණෙන වැඩකොටසක් සිදුකළ එවකට ඒක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් හෙබවූ අතුරලියේ රතන හිමියෝ පොහොට්ටු පක්ෂයෙන් ඉවත්ව යන බව අද (14) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පැවසූහ.
තමන් වහන්සේ බලාපොරොත්තු වූ ගමන පොහොට්ටු පක්ෂය තුළ නැති බවත් විශේෂයෙන් වසවිසෙන් තොර ගොවිතැන ගැන අද කිසිම කතාබහක් නැති බවත් ජනාධිපතිවරයා බලයට පැමිණ මාස දෙක ගතවනවිට සියලු බලාපොරොත්තු බිඳ වැටුණු බවත් රතනහිමයෝ පවසති.
රතනහිමියන්ගේ මෙම මාධ්‍යහමුවෙන් පසු මේ වනවිට, පසුගිය ජනාධිපතිවරණ සමයේ රතන හිමියෝ ජාතික වීරයෙකු ලා සැලකූ බොහෝ පොහොට්ටු සමාජජාල ක්‍රියාකරුවන් රතන හිමියන්ව දැඩි ලෙස විවේචනය කිරීමට පටන්ගෙන ඇති අයුර් දක්නට ලැබේ.
රතන හිමියන්ගේ ක්‍රියාකලාපය විවේචනය කරමින් අද පැති මාධ්‍ය හමුවකදී හිටපු පාර්මේන්තු මන්ත්‍රී විමවීර දිසානායක මහතා පැසූවේ රන හාමුදුරුවෝ දැන් ගෙදර යායුතු බවයි.