ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා ජාතිය අමතමින් ප්‍රකාශ කළේ රටේ පවත්නා අර්බුදකාරී තත්වය හේතුවෙන් බැංකු හා මුල්‍ය ආයතනවලින් ලබාගෙන ඇති ණය සඳහා සහන ලබාදෙන බවයි. ඒ අනුව ව්‍යාපාරික කටයුතු සඳහා ලබාගෙන ඇති ණය නැවත අයකර ගැනීම මාස හයකට අත්හිටුවීමට රජය තීරණය කර තිබේ.
කෙසේ වෙතත් බැංකු හා මුල්‍ය ආයතන ප්‍රධානීන් පෙන්වා දෙන්නේ මෙවැනි බරපතල තීන්දු කටවචනයකට පමණක් සිදුකළ නොහැකි බවයි.
ණය ලබාගෙන ඇති ව්‍යාපාරිකයන් අදාල මුල්‍ය ආයතනවලින් විමසීමේදී මුල්‍ය ආයතන පවසා ඇත්තේ ගැසට් පත්‍රයක් හරහා නීත්‍යනුකූල ලෙස රජයේ මෙම තීරණය ප්‍රකාශයට පත් කරන තුරු තමන්ට කිසිවක් සිදුකළ නොහැකි බවයි පවසා තිබෙන්නේ.
‘කටකතාවලට ණය කපන්න බෑ, කෝ ගැසට් එක’ යනුවෙන් මුල්‍ය ආයතන ප්‍රධානීන් සෘජුවම සිය පාරිභෝගිකයන්ගෙන් විමසා සිටී.
මාස හයකට ණය ගෙවීම් අත්හිටුවා ජනතාවට සහන සලසා ඇති බවට ප්‍රකාශ කරමින් ආණ්ඩුව කැම්පේන් කරමින් සිටී. ඒ අතර ජනාධිපතිවරයාගේ තීරණය තුට්ටුවකට මායිම් නොකරමින් බැංකු හා මුල්‍ය ආයතන සුපුරුදු පරිදි ණය අයකර ගනිමින් සිටී. අවසානයේ කොරෝනාවෙන් බැටකන මහජනතාවට සිදුව ඇත්තේ ණයත් ගෙවා ආණ්ඩුවේ කැම්පේන් එකත් අසා තෘප්තිමත් වීමටයි.