රාජ්‍ය ආයතන ප්‍රධානීන් පත් කිරීම සඳහා නිර්දේශ ලබා දීමට පත් කළ විද්වත් කමිටුවෙන් නිර්දේශ නොකළ දුෂිත හා මෝඩ පුද්ගලයන්ටද පත්වීම් ලබාදී ඇතැයි ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි. තමාද එම විද්වත් කමිටුවේ සාමාජිකයෙකු බවත් එම නිසා කමුටු නිර්දේශ වලට පටහැනිව සිදුකර ඇති මෙම පත්කිරීම් හරහා ආණ්ඩුවේ හොද නම නැතිවෙන බවද ඔහු පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ ඊයේ(14) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.
එසේම ඔහු කියා සිටියේ එසේ වුවද තමන් නිර්දේශ කල සමහර අය රාජ්‍ය ආයතන වලට පත්වීම පිළිබඳ තමන්ට තරමක් සතුටු විය හැකි බවයි.