ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වංචාවක් සම්බන්ධයෙන් ඇප පිට සිටින පුද්ගලයෙකු ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති තනතුරට පත් කර ඇති බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.
දූෂණ චෝදනාවකට ලක්ව සිටින ශෂි වෙල්ගම මහතා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ධුරයට පත්කිරීම පිළිබඳ ,රාජ්‍ය ආයතන සහ සංස්ථාවලට නිලධාරීන් පත් කිරීම සම්බන්ධයෙන් පත්කළ කමිටුවේ සාමාජිකයින් රටට කරුණු පැහැදිළි කළ යුතු බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කළුතරදී සඳහන් කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ කියා සිටියා.
“මේ අවුරුද්දේ පෙබරවාරි 15ට මහ බැංකුව කඩලා අවුරුදු 5යි.
එදාටවත් අඩුතරමේ රනිල් සහ අර්ජුන් මහේන්ද්‍රන් සිරගත කරන්න රජය කටයුතු කරයි කියලා අපි හිතනවා.
රටේ සියලු ජනතාව බලාපොරොත්තු වුණා, ගෝඨාභය දූෂිතයින් ළං කරගන්නේ නෑ කියලා.
දූෂිතයින් රාජ්‍ය ආයතනවලට පත් කරන්නේ නෑ කියලා.
ඒකට ජනතාව තුළ විශ්වාසය හදන්න විශ්වසනීය කමිටුවකුත් පත්කළා.
මෙහෙම තියෙන අතරේ ජාතික ප්‍රවාහන කොමිසමේ සභාපති ලෙස ශෂී වෙල්ගම මහතා පත්කරලා.
ශෂී වෙල්ගම 2010 – 12 සමයේ ලංගම හිටපු සභාපති.
ඒ කාලේ වානේ දුනුපටි ගෙනල්ලා රජයට කෝටි ගණනක් පාඩු කළා කියලා නඩුවකුත් තියෙනවා.
දැන් ඉන්නේ ඇප පිට.
මේ පුද්ගලයා පත්කිරීම සම්බන්ධයෙන් කමිටු සාමාජිකයින් රටට හේතුව කියන්න ඕනේ.”