January 13, 2020

මහමැතිවරණයට පෙර දුමින්ද නිදහස් කලේ නැත්නම් හිරු නාලිකාවෙන් කිසිදු සහයක් නෑ..?


ජනාධිපතිවරණයේදී ඇති කරගත් එකඟතාව අනුව එළඹෙන නිදහස් දිනයට දුමින්ද සිල්වා නිදහස් නොකලහොත් හිරු නාළිකාව පොදුජන පෙරමුණට කිසිදු සහයක් නොදක්වන බවත් ආණ්ඩුව පෙරලන බවට වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයන් හට දන්වා ඇති බව වාර්තා වේ.

කිසිදු හේතුවක් නැතිව රංජන් රාමනායක අත්අඩංගුවට ගෙන ඇත්තේ දුමින්ද සිල්වාගේ පාර්ශවයෙන් කල තර්ජන වලින් අනතුරුව බව වැඩිදුරටත් වාර්තා වේ.

එසේ රංජන රාමනායකඅත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු සතුව ඇති හඬ පට උපයෝගි කරගනීමින් ඒ හරහා දුමින්ද සිල්වා නිදහස් කර ගැනීමේ මුලික සැලසුම ඇතිව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පුර්ණ දැණුවත්භාවය ඇතිව රංජන් රාමනායකව අත්අඩංගුවට ගත් බවයි. කෙසේ හෝ දැනට සංසරණය වන හඬ පට අනුව (රන්ජන්ගේ සහ ෂානිගේ)රේනෝ සිල්වා සහ ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති අල්ලස් ලබාදීම් ගැන හෙලිදරව් වී තිබේ.ඒ වගේම අල්ලස් ලබා ගත් නිලධාරීන් ගැනද අනාවරණය වී තිබේ.එම හඬ පට වල නඩු වලට බලපෑම් කල බවට කිසිවක් නැත.

හිරු නාලිකාවේ අධිපති රේනෝ සිල්වා ජනාධිපතිවරණයට පෙර එකසත් ජාතික පක්ෂය සමගත්,පොහොට්ටු පක්ෂය සමගත් ඔහුගේ එකගතා ඉදිරිපත් කල අතර එයට එකඟ පාර්ශවයට තම නාලිකාවේ උපරිම සහය දෙන බව ප්‍රකාශ කර ඇති බව වාර්තා විය. ඒ අනුව රේනෝ සිල්වාගේ එම කොන්දෙසි අතර ප්‍රධානම කොන්දේසිය දැනට මරණ දඩුවම් ලබා සිටින ඔහුගේ සහොදරයා වන දුමින්ද සිල්වා නිදහස් කිරිම බව වාර්තා විය.

කොළොන්නාවේ රස්තියාදු කාරයන්,කුඩු කාරයන්, කට්ටඩියන් යොදාගෙන සති කිහිපයකට පෙර රේනෝ සිල්වාගේ සල්ලි ගස හොලවා පිරිස් පාරට බැස්සුවත් එය සාර්ථක වුයේ නැත.

එම අසාර්ථක උත්සහ මැද දුමින්ද සිල්වා නිදහස් නොකලත් දැනට රාත්‍රී කාලයේ බන්ධනාගාරයෙන් නිවසට ගොස් පාන්දර නැවත බන්ධනාගාරයට ඒමේ විශේෂ වරප්‍රසාදයක් දුමින්ද සිල්වාට නිල නොවන ආකාරයෙන් ජනාධිපතිවරයාගෙ අනු දැනුම මත සිදු වන බව වාර්තා විය.

අත්අඩංගුවට ගැනීමට ඕනෑ තරම් හැකියාව තිබෙන නීතිමට කටයුතු කෙරෙන ( බැදුම්කර නඩුව, පාස්කු ප්‍රහාරයට)අත්අඩංගුවට ගැනීමට පිරිස් සිටියදී නීති තර්කයක් වත් ඉදිරිපත් කිරිමට නොහැකි දෙයක් ප්‍රකාශ කරමින් රංජන් රාමනායකව අත්අඩංගුවට ගන්නේ ඇයිද කියා ජනතාව නොදන්නවා උවත් එයට ප්‍රබල සාදකයක් තිබෙන බව රංජන් රාමනායක අත්අඩංගුවට ගෙන පැය 24ක් යන්නට මත්තෙන් ඇප ලබා දීමත් සමග පොහොට්ටුවේ ප්‍රබල තක්කයකු වන මහින්දානන්ද අලුත්ගමගේ කල ප්‍රකාශයක් හිරු නාලිකාව තුලින් බර යොදා ජනගත කිරිමත් සමගම හෙලුව සමාජයට විවෘත්ත විය.

ඒ හරහා සොයා බැලිම් කරගෙන යන අතරතුර දැන් රංජන් රාමනායක අත්අඩංගුවට ගැනීමේ ප්‍රධාන අරමුණ පෙබරවාරි 04 වනදා දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දීමට අවශ්‍ය වට පිටාව සකසා ගැනිම බව වාර්තා වේ.

කෙසේ හෝ දුමින්ද සිල්වා නිදහස් කරගැනීමේ ප්‍රයත්න සියල්ල මේ වන විට ජනාධිපති ගෝඨාභය සහ රේනෝ සිල්වා හත් පලේ ගානෙ තිබේ. කොටින්ම සදහන් කරනවා නම්, නැට්ටේ ඉදන් ගොම ගා ගෙන ඇති බව කීවත් වැරදක් නැත.