September 9, 2016

ගින්නකින් රැඳවියන් 23 දෙනෙකු ජීවිතක්ෂයට


ඉතියෝපියාවේ බන්ධනාගාරයක ඇති වූ ගින්නකින් රැඳවියන් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඉතියායෝපියාවේ ඇඩිස් අබාබා නුවර පිහිටි කිලින්ටෝ බන්ධනාගාරය තුළ මෙම ගින්න හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ආණ්ඩු විරෝධී ක්‍රියාකාරකම්වල නිරත වූ උද්ඝෝෂකයින් රඳවා සිටි බන්ධනාගාරයක මෙම ගින්න හටගෙන ඇති බව සඳහන්ය.

මියගිය පුද්ගලයින්ගෙන් රැඳවියන් 21 දෙනෙකු ශ්වසනය කිරීමේ අපහසුතා හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් දෙදෙනා පළා යාමට උත්සාහ කිරීමේදී පොලීසිය සිදුකළ වෙඩි තැබීම්වලින් ජීවිතක්ෂයට පත්ව තිබේ.