September 10, 2016

තව අවුරුදු 4කින් ණය බර අඩු කරනවා අගමැති පවසයි

"මම එල්.ටී.ටී.ඊය එක්ක ගිවිසුම් ගහලා නෑ. මට පරාජය වෙන එක හොඳයි. ‍එල්.ටී.ටී.ඊය සමග ගිවිසුම් ගැසීම සමහරුන්ට දේශප්‍රේමි. ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය කළ අය සමග ගිවිසුම් ගැසීම දේශප්‍රේමි. ඒත් බණ්ඩාරනායක මැතිතුමා ආරම්භ කළ පක්ෂය එජාපය සමග ගිවිසුම් ගැසීම දේශද්‍රෝහි. ඉතින් රටේ ජනතාවට තීරණය කරන්න පුළුවන් කවුද දේශප්‍රේමි කවුද දේශද්‍රෝහි කියලා" එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.