වේදිකා, රූපවාහිනිය රසවිඳින්නෝ විජය නන්දසිරිව දනිති. වේදිකාව මෙන්ම රූපවාහිනිය, සිනමාවට අව්‍යාජ චමත්කාරයක් එක් කළ මේ අප්‍රමාණ රංගධරයා ගැන අමුතු කතා ඇවැසි නැත. මහරගම විද්‍යාකර විද්‍යාලයේ සිසුවකු ලෙස පාසල් සමයෙහි සිටම රංගනයට ඇල්මක් දැක් වූ විජය නන්දසිරි ප්‍රසිද්ධ වේදිකාවට පිවිසෙන්නේ අමරදාස ගුණවර්ධනයන්ගේ 'විදුරදිව' නාට්‍යයෙනි. මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ 'මනමේ' වේදිකා නාට්‍යයෙන් ප්‍රේක්‍ෂක හදවත් තුළ ලැගුම් ගත් ඔහු 'සිංහබාහු', දයානන්ද ගුණවර්ධනයන්ගේ 'නරි බෑණා', 'ජසයා හා ලෙන්චිනා', 'ආනන්ද ජවනිකා', ලූෂන් බුලත්සිංහලගේ 'තරාවෝ ඉඟිලෙති', හෙන්රි ජයසේනගේ 'කුවේණි', ධර්මසිරි බණ්‌ඩාරනායකගේ 'ඒකාධිපති' සයිමන් නවගත්තේගමගේ 'සුභ සහ යස්, 'රන්කඳ', 'රත්නාවලී' ඔහු විසින් නිෂ්පාදනය කළ 'කුස පබාවතී', 'වෘෂභ රාජ' 'බල්ලොත් එක්‌ක බෑ', 'මල්වඩම් අනවශ්‍යයි', 'අලුත් හොරෙක් ඕනෑ', 'දෙයියොත් දන්නෙ නෑ', වේදිකා නාට්‍ය තුළින් මෙරට සහෘද හදවත් තුළ නොමැකෙන චරිතයක් විය. එමෙන්ම විජය නන්දසිරියන් වේදිකාව තුළ බැරූරුම් චරිතවලට සාධාරණයක් ඉටු කළ අයුරින්ම ඔහුට ලැබුණු ප්‍රහසන චරිතවලට ද සාධාරණයක් ඉටු කළ රංගධරයෙකි. මෙරට ප්‍රහසන කලාව තුළ එතෙක් පැවැති ඔලාරික රටාව බිඳිමින් ප්‍රහසන කිරුළ තම සතු කරගත් විශිෂ්ඨ රංගන ශිල්පියෙකි. අවසානයේ මෙරට තරුණ පරපුර හැඳින සිටියේ විකට නළු විජය මිස, මනමේ කුමරුට පණ දුන් විජය නොවේ. එතරම්ම ඔහු ප්‍රහසන චරිත තුළින් ප්‍රේක්‍ෂක හදවත් වසඟයට පත් කළේය. එහෙත් අද අපව සිනා ගැන්වීමට විජය නැත. දැන් අපට ශේෂව ඇත්තේ ඔහුගේ සොඳුරු මතකය ආවර්ජනය කිරීම පමණි. එහෙත් ඒ රූපණවේදියාගේ රංගන ජීවිතය නොදන්නා කෙනෙක් නැත. අපේ මේ වෑයම විජය නන්දසිරි කලාකරුවාගේ ජීවිතයේ කතා නොකෙරුණු පැතිකඩක් විවෘත කිරීමටය. ඒ කතාව දැන් ඔබට කියන්නේ අප නොව විජය නන්දසිරි රංගන ශිල්පියාගේ සහෝදරයෙකි. ඔහු ඉලුප්පිටිය මුදියන්සේලාගේ සුජිත් ඉලුප්පිටියයි. විජය නන්දසිරිගේ බාලම සහෝදරයාය. වෘත්තියෙන් නර්තන ශිල්පියකු වන ඔහු මේ වන විට ඉතාලියේ මිලානෝ නුවර කලායතනයක් පවත්වාගෙන යන්නේය. මෙතැන් සිට පෙළගැසෙන්නේ සුජිත් තම සහෝදරයා ගැන කියන කතාවය.
අපේ පවුලේ පිරිමි පහයි. ගැහැණු දෙන්නයි. ලොකුම අයියා සෝමසිරි. ඊළගට අක්‌කා ශ්‍රියා. දැන් ඒ දෙන්නත් ජීවතුන් අතර නෑ. විජය අයියා මිය යන්න මාස දෙකකට කලින් විජය අයියට බාල නිමල් අයියත් නැති වුණා. දැනට ජීවත්ව ඉන්නේ සරත් අයියයි, පුෂ්පරාණි අක්‌කයි, මමයි විතරයි. අපේ තාත්තා ඉලුප්පිටිය මුදියන්සේලාගේ සයිමන් සිංෙඤd. අවුරුදු 92 ක් ජීවත් වුණා. තාත්තා රැකියාව කළේ වරාය අධිකාරියේ. තාත්තාගේ ගම ගම්පහ. අම්මාගෙ ගම මහරගම. අම්මා කරලැයින් සේනාධීර. කොළඹ මහ ඉස්‌පිරිතාලෙ හෙද නිලධාරිණියක් විදිහට වැඩ කළා. අම්මා අවුරුදු 85 ක් ජීවත් වුණා. ඒත් මගේ වැඩිමහල් සහෝදරයන්ට අවුරුදු 70 සම්පූර්ණ කරන්න බැරිව ගියා.
අපේ මහ ගෙවල් තියෙන්නෙ මහරගම. අපි පාසල් ගියේ මහරගම විද්‍යාකර විද්‍යාලයට. විජය අයියා පුංචි කාලේ ඉඳලා පාසල් වේදිකාවේ ජනප්‍රිය චරිතයක්. ඒ වගේම පුංචි කාලේ ඉඳලා විජය අයියගේ වැඩ හරිම පිළිවෙළයි. පොත පතේ වැඩ වුණත් හරිම පිළිවෙළයි. ඉස්‌කෝලෙදී ක්‍රීඩාවටත් දක්‍ෂයි. කැඩෙටින් කරලා ටීම් ලීඩර් වෙලා හිටියා. එයා කලාවට සම්බන්ධ නොවෙන්න අනිවාර්යෙන්ම ආරක්‍ෂක අංශයට සම්බන්ධ වෙන්න ඉඩ තිබුණා. ඒ වගේම විජය අයියා උසස් පෙළ විභාගය ලියලා ප්‍රතිඵල එනකම්වත් ගෙදර හිටියේ නෑ. එයාර් ලංකා කෙටරින් සර්විස් එකේ ජොබ් එකටට ගියා. එතැන වැඩ කරගෙන ඉන්නකොට විජය අයියට ටී. බී. ඉලංගරත්න මහත්තයාව මුණගැහිලා කතාබහ කරලා තිබුණා. පස්‌සෙ දවසක ඉලංගරත්න මහත්තයා එයාගේ 'මංගලා චිත්‍රපටයට' රඟපාන්න කැමතිද කියලා අයියගෙන් අහලා තිබුණා. අයියා ඒ මොහොතේම චිත්‍රපටයේ රඟපාන්න කැමති වෙලා. ඒ විතරක් නෙමෙයි රස්‌සාවට ආයුබෝවන් කියලා ෆුල් ටයිම් චිත්‍රපටයට සම්බන්ධ වෙලා තිබුණා. එතැනින් තමයි විජය අයියා කලා ජීවිතය ආරම්භ කරන්නෙ. ඒත් ඒ කාලේ කිසිම දවසක විජය අයියා ගෙදරට නාට්‍ය අරගෙන ආවේ නෑ. කලා කටයුතු ගැන ගෙදර වැඩිය කතාබහ කළෙත් නෑ. ගෙදර ගත කළේ ඉතාමත්ම විවේකී ජීවිතයක්.
අයියා ෂූටින් ඉවර වෙලා ඇවිල්ලා මටයි, චූටි අක්‌කටයි කියලා එයාගේ ඔලුව මසාඡ් කර ගන්නවා. ඔලුව මසාඡ් කරනවට අපි දෙන්නට සත පනහක් දෙනවා. ඔලුව මසාඡ් කරන්න ගත්තම පැය කීයද කියලා නෑ. එයා ඇති කියනකම් අපි ඔලුව මසාඡ් කරනවා. කොච්චර ඔලුව අත ගෑවත් මදි. 'තව චුට්‌ටක් කරනවා... තව චුට්‌ටක් කරනවා...' ඒ කියන්නෙත් බොහෝම ආදරයෙන්. හැබැයි ඔලුවේ එක කෙස් ගහක් හරි ගැලවුණොත්, රිදුණොත් අර සත පනහ දෙන්නෙ නෑ කියනවා. ඉතිං අපි සත පනහ ගන්න ඕනා නිසා බොහෝම පරිස්‌සමින් තමයි ඔලුව මසාඡ් කරන්නෙ. චුට්‌ටක්‌වත් ඔලුව රිදුනොත් සත පනහ දෙන්නෙ නෑ. ඒත් ඊට පහුවෙනිදා උදේ ගෙදරින් යනකොට අනිවාර්යෙන්ම මතක් කරලා 'ආ චුටි... අක්‌කත් එක්‌ක බෙදා ගන්න' කියලා මගේ අතට රුපියලක් දීලා යනවා. එතකොට මමයි, චූටි අක්‌කයි ගොඩක් පුංචියි.
පුංචි කාලෙ ඉඳලා විජය අයියා අපිව හිනස්‌සනවා. අපේ ශ්‍රියා අක්‌කත් කලාවට හරිම දක්‍ෂයි. අයියයි, අක්‌කයි දෙන්න එක්‌ක අපිව හොඳට හිනස්‌සනවා. ශ්‍රියා අක්‌කා ක්‍රීඩාවටත් හරිම දක්‍ෂයි. නෙට්‌බෝල්, වොලිබෝල් ක්‍රීඩාවලින් සමස්‌ත ලංකා චැම්පියන් වෙලා තියෙනවා. ඒ කාලේ පත්තරවල අක්‌කගේ දක්‍ෂතා ගැන පළ කරලා තිබුණේ 'සිරිකත පරදන සිරිලක ශ්‍රියා' කියලා. ඒත් අක්‌කා කලාවට හෝ ක්‍රීඩාවට සම්බන්ධ වුණේ නෑ. අපේ පවුලට කලා හැකියාව ලැබිලා තියෙන්නෙ තාත්තාගෙන් කියලයි මට හිතෙන්නෙ. තාත්තා ඉතාම නිහඬ, කාරුණික චරිතයක්. ඒත් අම්මාව කේන්ති ගස්‌වන්න තාත්තා හරිම දක්‍ෂයි. තාත්තා ඒ දෙවල් කරන්නෙ ඇඟට නොදැනී, බොහොම නිහඬව. ඒ වගේම තමයි අයියත් කිසිම විටක ප්‍රේක්‍ෂකයන්ව සතුටු කරන්න අසභ්‍ය වචන කතා කළේ නෑ. බොහෝම සුන්දර විදිහට අයියා ප්‍රේක්‍ෂකයන්ව සතුටු කළා.

විජය අයියා හැඩරුවිනුත් තාත්තා වගෙ සුදුයි, හැඩයි. ඒ නිසා අපි ගෙදරට කියන්නෙ සුදු අයියා කියලා. තාත්තා වගේම විජය අයියත් බොහෝම නිහඬ චරිතයක්. අම්මා, තාත්තා නැති වෙච්ච දවසේ ඉඳලා අපේ පවුලට පියා වුණේ විජය අයියා. එයාට මොන රාජකාරිය තිබුණත් අපි ගැන නිතරම හොයා බැලුවා. විජය අයියා අපිට හොඳ සහෝදරයෙක් වගේම සමාජයට යහපත් පුද්ගලයෙක්. කිසිම කෙනෙකුට තළා පෙළා කතා කරලා නෑ. කවුරුහරි බැන්නත් හිනා වෙනවා. කාටවත් හිත රිදෙන්න කතා කරන්නෙ නෑ.
විජය අයියයි, දේවිකා අක්‌කයි යාළු වුණේ සුදර්ශී ශාලාවේ නාට්‍ය පුහුණුවීම්වලට ගිය අතරතුර. විජය අයියා ඒ කාලේ මාවත් ඩාන්සින් පුරුදු කරන්න සුදර්ශීයට එක්‌කරගෙන ගියා. දැන හැඳින්න ගත්ත කාලෙ ඉඳලා දේවිකා අක්‌කත් මට හරිම ආදරෙයි. අදටත් එහෙමයි. ඒ කාලෙ ඉඳලා අපේ අම්මයි, තාත්තත් දේවිකා අක්‌කාට ගොඩක් ආදරෙයි. ඒ වගේම අපේ අම්මා, තාත්තා 'අරක කරන්න එපා... මේක කරන්න එපා' කියලා අපි කාටවත් බලපෑම් කරලා නෑ. 'ඔයලා ගන්න තීරණවල ප්‍රතිඵල විඳින්නෙත් ඔයාලමයි. පන්ති යන්න සල්ලි වියදම් කරනවා. හොඳට ඉගෙනගන්න. ඔයලා හරි තීරණ ගන්න...' අම්මා අපිට නිතරම කිව්වේ එහෙමයි.

අපි හැමෝම අපට ගැලපෙන සහකරුවා අපිම හොයා ගත්තා. අපි හත් දෙනාටම අම්මයි තාත්තායි ගොඩක් ආදරය කළා. විජය අයියට අම්මා වැඩියෙන් ආදරය කළා කියලා මට හිතෙනවා. ශ්‍රියා අක්‌කත් එහෙමයි. පුංචි කාලේ ඉඳලා අක්‌කා විජය අයියට පුදුම ආදරයක් තිබුණේ. විජය අයියත් අක්‌කට හරි ආදරෙයි. අපේ මහගෙදරයි. ලොකු අක්‌කගෙ ගෙදරයි එක ළඟ තියෙන්නෙ. ගෙවල් දෙකේම කුස්‌සි දෙක තියෙන්නෙ මුහුණට, මුහුණලා. විජය අයියා ගෙදර කුස්‌සියෙන් බත් එක බෙදාගෙන හීන් සෑරේ අක්‌කලාගෙ කුස්‌සියට රිංගනවා. අම්මා රස බොජුන් හැදුවත් විජය අයියට අක්‌කාගේ කෑම ටිකක් කන්නම ඕනා. 'අක්‌කගෙ කෑම කෑවේ නැති නම් මෙයාගේ බොක්‌ක පිරෙන්නෙ නෑනෙ...' කියලා අම්මා හිනා වෙනවා. ඒක දන්න නිසා ලොකු අක්‌කත් විජය අයියට වෙනම බත් එකක් බෙදා තියෙනවා. අයියා ගියෙ නැති නම් අක්‌කත් 'සුදු මල්ලි කෑවද...' කියලා සෝදිසි කරනවා. ඒ දෙන්නගේ පුදුම බැඳීමක් තිබුණේ. ශ්‍රියා අක්‌කා නැති වෙච්ච දවසෙ විජය අයියා ගොඩක් දුක් වුණා. අක්‌කගෙ මිනිය කනත්තට ගෙනියනකම් විජය අයියා මිනිය ළඟට වෙලා හිටියා. අයියාගේ මුල්ම නාට්‍යය වන 'කුස පබාවතී' වේදිකා නාට්‍යයට සෙට් එක හදලා දුන්නෙත් ශ්‍රියා අක්‌කා. ඒ නාට්‍ය මුලින්ම යුරෝපයේ සංචාරය කෙරෙව්වේ මමයි. ඒ හැම දේකටම වියදම් කළේ ශ්‍රියා අක්‌කා. පාරේ බස් එකේ ෂූටින් යනකොට අයියට මුලින්ම මෝටර් බයික් එකක් අරන් දුන්නෙ මස්‌සිනා. රඟපාන්න අරගෙන ටික දවසක් යනකොට අයියා වෑන් එකක් ගත්තා.
විජය අයියලාගේ ගෙදර වැඩිපුරම ගිය ආවේ මමයි, පොඩි අක්‌කයි. කවුරු ගියත් දේවිකා අක්‌කා කෑම ටිකක් නොදී නම් එවන්නෙ නෑ. ඒ වගේම අක්‌කයි, අයියයි දෙන්නම ගෙදරට කවුරුහරි යනවා නම් හරිම කැමතියි. ඒ දෙන්න යාළුවෙච්ච දවසෙ ඉඳලා හරිම ආදරෙන් හිටියේ. පුතයි, දුවත් එහෙමයි. දරුවො දෙන්නටම හොඳට ඉගෙන්නුවා. දරුවො දෙන්නට හොඳට උගන්වන්න ඕන නිසාම අක්‌කා රඟපෑම් කටයුතුවලින් ඉවත් වුණා. අක්‌කා රඟපෑමෙන් ඉවත් වුණා කියලා පාඩුවක් වුණේ නෑ. දුවයි, පුතයි දෙන්නම හොඳට ඉගෙනගත්තා. දුව බැඳලා ඔස්‌ටේ්‍රලියාවේ. පුතා ඇමෙරිකාවේ ඉගෙනගත්තේ. දැන් ලංකාවට ඇවිත් ඉන්නවා.
විජය අයියා නැති වෙන්න මාස දෙකකට ඉහත ඉඳලා සතියට දවස් දෙක, තුනක් මට කතා කළා. මැරෙන්න දවස් තුනකට උඩදි මම කතා කළා. ෆොන් එක උස්‌සලා 'මල්ලි මම ෂූටින් එකක ඉන්නෙ. තව විනාඩි පහකින් මම ගන්නම්' කියලා ෆොන් එක තිබ්බා. ෂුටින් ඉවර වෙලා අයියා වයිබර් හරහා පොටෝ එකක් එවලා මට කතා කළා. ඒ ෆොටෝ එක තමයි අයියාගේ ජීවිතේ අන්තිම ෂූටින් එක.
විජය අයියා තරුණ කාලෙ ඉඳලා ශරීර සෞඛ්‍ය, රූපය ගැන හිතුවා. මහගෙදර ඉන්න කාලේ අයියා උදේට කොහේ ගියත් හොඳට දාඩිය දාන්න වත්ත පිටිය අතුගානවා. කසාද බැඳලා ගෙදරින් යනකම් අයිය තමයි ගෙවල් මිදුල් අතුගෑවේ. එයා කිව්වෙ එක ඇඟට හොඳ ව්‍යායාමයක් කියලා. 1999 අවුරුද්දෙ දවසක හාර්ට් ඇටෑක් එක හැදෙනකම් අයියට කොලොස්‌ටරෝල් තිබුණා කියලා දැනගෙන ඉඳලා නෑ. ඒ අවුරුද්දෙම අයියට බයිෆාස් එකක් කළා. එතකොට මම ඉතාලියෙ හිටියේ. ඔපරේෂන් එකෙන් පස්‌සෙ දේවිකා අක්‌කා අයියව පුදුම විදිහට පරිස්‌සම් කළා. අයියා කොහේ ගියත්, දේවිකා අක්‌කා කෑම එක හදලා දෙනවා. වතුර බෝතලය පවා ගෙදරින් ගෙනියන්නෙ. පාටි එකක, මඟුල් ගෙදරකට ගියත් අක්‌කා කෑම එක හදාගෙන ලෙන්සුවෙන් ඕතාගෙන යනවා. කෑම මේසෙන් අක්‌කා කෑම බෙදාගෙන ටේබල් එකට ඇවිත් කාටවත් නොතේරෙන්න ගෙදරින් අරගෙන ගිය කෑම එක අයියට දෙනවා. මහගෙදරට එනකොටත් දේවිකා අක්‌කා අයියට කෑම හදාගෙන එනවා. අවුරුද්දට සහෝදරයෝ සේරම එකතු වෙන නිසා අම්මා හැමෝම කැමති කෑම හදලා තියෙනවා. ඒත් දේවිකා අක්‌කා කෑම මේසේදී එයා හදාගෙන ආපු කෑම එක කාටවත් නොදැනෙන්න අයියට දෙනවා. ඒක අම්මට තේරෙනවා. 'දේවිකා මෙහෙම කරන්නෙ පුතාට තියෙන ආදරයට කියලා...' අම්මා නොදන්නවා වගෙ හිටියා. ඒත් විජය අයියා හිතපු විදිහ වැරැදියි. අයියා හිතුවේ නිතර ඇවිදින නිසා ඒක ඇඟට ව්‍යායාමයක් කියලා. එහෙම නෑ. අපි ව්‍යායාම කරන්න ඕන ඇඟ ඇතුළට. ශාරීර කූඩුවට. විජය අයියගේ ඇට කටුවලට ව්‍යායාම කෙරුණේ නෑ. අයියගේ ජීවිතය වෙලා තිබුණේ වේදිකාව. මුළු රටම හිනස්‌සලා අපිව හඬවලා අයියා යන්න ගියා....
තරංග රත්නවීර