September 27, 2016

ලසන්තගේ දේහය අද ගොඩගනී

ලසන්තගේ දේහය අද ගොඩගනී
ඝාතනයට ලක්වූ සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ දේහය අද (27) පෙරවරුවේ බොරැල්ල සුසාන භූමියේදී ගොඩ ගැනීමට නියමිතය.
ඒ, ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මෙහොමඩ් සහබ්දීන් මහතාගේ නියෝගයකට අනුවය.

පසුගිය 22වනදා ඔහුගේ දේහය ගොඩ ගන්නා ලෙස අධිකරණ නියෝගය ලබාදුන් මොහොතේ පටන් බොරැල්ල සුසාන භූමියේ ලසන්ත වික්‍රමතුංග මහතාගේ සොහොන් කොත වෙත විශේෂ පොලිස් ආරක්ෂාව ද යොදවා තිබිණි.

අද පෙරවරුවේ දේහය යළි ගොඩ ගැනීමෙන් අනතුරුව අධිකරණ වෛද්‍යවරුන්ගෙන් සමන්විත වෛද්‍ය මණ්ඩලයක් මගින් නැවත ඔහුගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතය.