September 6, 2016

අනියම් බිරිඳ ගිනි තබා මැරූ අයෙක් අත්අඩංගුවට


අනියම් සැමියා විසින් ඇඟට භූමිතෙල් දමා ගිනි තැබූවේයි සැකකරන 27 හැවිරිදි කාන්තාවක් බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (05) රාත්‍රියේ මියගොස් ඇති බව බදුල්ල පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ බදුල්ල කන්දආරාව ප්‍රදේශයේ පදිංචිව සිටි එක්දරු මවකි.
ඇය සිය විවාහක සැමියාගෙන් ඉවත්ව සැකකරු සමඟ වසර 04ක පමණ කාලයක් එකට ජීවත්වී ඇති බවත් සැකකරු ද මීට පෙර වෙනත් කාන්තාවක් විවාහ කරගෙන සිට ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වූ බව පොලීසිය සඳහන් කරයි.

අදාළ කාන්තාව පොලීසියට කළ පැමිණිල්ලෙහි සඳහන්ව ඇත්තේ සැකකරුට දාව තමාට වයස අවුරුදු 03ක දරුවෙක් සිටින බවත් තමා ගැන සැක කරමින් නිතරම ආරවුල් ඇති කරන ඔහු එලෙස ආරවුලක් ඇතිවූ අවස්ථාවේ තමාගේ ඇඟට භූමිතෙග් දමා ගිනි තැබූ බවත්ය.

මේ වනවිට බදුල්ල පොලීසිය විසින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

බදුල්ල පොලීසියේ අපරාධ විමර්ශන අංශය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන මෙහෙයවයි.