September 7, 2016

සයිටම් අහෝසි කරන්නෙත් නැහැ කරන්නත් බැහැ


මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වත්මන් රජය අහෝසි නොකරන බවත් අහෝසි කිරීමට නොහැකි බවත් අද (07) පාර්ලිමේන්තුවේදී  උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවා.

එහිදී හෙතෙම පැවසුවේ මාලඹේ විශ්ව විද්‍යාලයේ උපාධිය ඉකුත් රජය සමයේ පිළිගෙන තිබූ බවයි.

වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ “විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ට අවශ්‍ය සෑම දෙයක්ම දීලා තියෙනවා. ඒ නිසා දැන් වෙන ප්‍රශ්නයක් අල්ලගෙන කෑ ගහනවා. දීපු දෙයක් ආපසු ගන්න පුළුවන්ද?. ඒක කරන්න බැහැ. පසුගියදා පැවැති උද්ඝෝෂණයට එක දේශපාලකයෙක් බස් 50 ක් දීලා තියෙනවා. අපි දන්නවා.” යනුවෙනි.