October 27, 2016

2017 අයවැයට ශ්‍රීලනිපයේ යෝජනා මුදල් ඇමතිට

2017 අයවැයට ශ්‍රීලනිපයේ යෝජනා මුදල් ඇමතිට
2017 ජාතික අයවැය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය යෝජනා මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා වෙත භාරදී තිබේ.
මුදල් අමාත්‍යාංශයේදී භාරදුන් මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරු එක්ව සිටියහ.
මීට අමතරව, සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම, එස්.බී.දිසානායක, අකිල විරාජ් කාරියවසම්, ලක්ෂ්මන් කිරිඇල්ල, පී. හැරිසන්, ලසන්ත අලගියවන්න යන අමාත්‍යවරු සහ මුදල් අමාත්‍යාංශ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග, අග්‍රාමාත්‍ය උපදේශක ආර්. පාස්කරලිංගම් යන මහත්වරුද සහභාගී වී සිටියහ.