October 20, 2016

අල්ලස්‌ කොමිසමට වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරියක් පත්කරයි

අල්ලස්‌ කොමිසමට වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරියක් පත්කරයි
දිල්රුක්‌ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති විසින් පිළිගැනීමෙන් පසු අල්ලස් කොමිසමට වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරියක් පත්කර ඇතැයි වාර්තා වේ.
ඒ අනූව දැනට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරියක් ලෙස කටයුතු කරන සුනේත‍්‍රා ජයසිංහ එම තනතුරට පත්කර ඇත.
ඊයේ (19) පස්වරුවේ සිට ක්‍රියාත්මක වන පරිදි ඇය එම ධූරයේ කටයුතු කරන බව සඳහන්ය.
අල්ලස්‌ කොමිසමේ අධ්‍යක්‌ෂ ජනරාල් දිල්රුක්‌ෂි ඩයස්‌ වික්‍රමසිංහ මහත්මියගේ ඉල්ලා අස්‌වීම ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ පිළිගෙන ඇත.
අධ්‍යක්‌ෂ ජනරාල්වරිය සිය ඉල්ලා අස්‌වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර තිබුණේ පසුගිය 17 වන දාය. 
වික්‍රමසිංහ මහත්මිය අල්ලස්‌ කොමිසමේ අධ්‍යක්‌ෂ ජනරාල් ධුරයට පත් වුණේ 2015 පෙබරවාරි මාසයේදීය.
ඇය ඉකුත් 17 වැනිදා සිය ධුරයෙන් ඉල්ලා අස්‌වීම ජනාධිපති කාර්යාලය වෙත යොමු කරන විට ජනාධිපතිවරයා ඉන්දියාවේ සංචාරයක නිරතව සිටියේය.