පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතාට අයත් හෝකන්දර පිහිටි නිවසක් තුළ තිබී පොලීසිය විසින් මළ සිරුරක් සොයාගෙන තිබේ.
මළ සිරුර කොළඹ ජාතික රෝහලට රැගෙනවිත් තිබෙන අතර, මෙලෙස අභිරහස් ලෙස මියගොස් තිබෙන්නේ 24 හැවිරිදි ළහිරු ජනිත් නැමැත්තෙක් වන අතර ඔහු වීරවංශ මහතාගේ පුත‍්‍රයාගේ සමීප මිතුරෙකු වන තරුණයෙකි.
ඔවුන් දෙදෙනා කලක පටන් මිතුරන් වන අතර බොහෝ දිනවලදී මෙම නිවසට පැමිණෙන බව වීරවංශ මහතාට සම්බන්ධ වෙබ් අඩවියක් තහවුරු කරයි.
එසේම මෙම තරුණයා බොහෝ විට විමල් වීරවංශ මහතා නිවසේ නොමැති දිනවලදී නිවසට පමිණෙන බවත් මෙම මරණය සිදුවෙද්දී ඇති ඊයේ රාත්‍රියේදී පවා වීරවංශ මහතා කොළඹින් පිට කටයුත්තක් සදහා සහභාගී වීමට ගොස් නිවසට පැමින සිට නැතිබවත් ඔහුට සම්බන්ධ ආරංචි මාර්ග වලින් වාර්තාවේ.
මේ නිසා මෙම මරණය සැක කටයුතු මරණයක් වන අතර එහි යම් අභිරහසක් පැවතිය හැකි හෙයින් පොලිසිය විසින් විශේෂ පරීක්ෂණයක් සිදුකරන බවට වාර්තාවේ.
මෙම අභිරහස් මරණය සම්බධයෙන් මන්ත්‍රීවරයාගේ බිරිඳගෙන් සහ පුත්‍රයාගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.