October 4, 2016

වාස්ගේ වටිනාකම ගැන ක්‍රිස්ගේල්ව සම්බන්ධ කර සංගා කියපු කතාව

Kumar Sangakkaraශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු අග්‍රගණයේ පිතිකරුවෙකු මෙන්ම හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයෙකු වන කුමාර් සංගක්කාර පහුගිය දවසක පාසල් ක්‍රිකට් පුහුණු සැසියකදී අපූරු කතාවක් කියලා තියෙනවා.
ඒ චමින්ද වාස් සහ ක්‍රිස් ගේල් යන චරිත සම්බන්ධ කර ගනිමින්.
අවුරුදු 16 ක විතර කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙමින් චමින්ද වාස් තරම් කැපවීමෙන් පුහුණුවීම් කළ වේග පන්දු යවන්නකු තමන් කිසිදා දැකලා නැහැ කියලයි කුමාර් සංගක්කාර කියලා තියෙන්නේ.
ඒ වගේම වාස් වැනි ක්‍රීඩකයකු ශ්‍රී ලාංකිකයකු වුනේ ලංකාවේ වාසනාවට කියලයි ඔහු කියලා තියෙනවා.
“වතාවක් හරි අපූරු වැඩක් වුණා, වසර 2000 දී කොදෙව් පිලේ ශ්‍රී ලංකා සංචාරයේදී ක්‍රිස් ගේල් පස් වතාවක්ම වාස් හමුවේ දැවී ගියා. තුන්වැනි ටෙස්ට් තරගයට ඉස්සරවෙලා (S. S. C. පිටියේදී) උදේ ක්‍රිස් ගේල් ඇවිත් මගෙන් ඇහැව්වා වාස් අදත් ගහනවාද කියලා…මම ඔව් කිව්වා එහෙනම් ඉතින් මම අදත් අවුට් තමයි’ කියලා ගේල් කලින්ම කිව්වා”
පන්දුවට පහර දෙන්න පැමීණ  ස්වල්ප වෙලාවකින් සංගක්කාරට උඩපන්දුවක් දෙමින් ක්‍රිස් ගේල් ලකුණු නොලබා දැවී ගිය ඒ මතකයත් එහිදී සංගක්කාර යළි මතක් කළා.
“ඒ වගේම කඩුලූ රකිමින් හිටියේ මම. දැවී ගියාට පස්සේ එයා මං දිහා බලලා උරහිස් සොලවලා ආපසු ක්‍රීඩාගාරයට ගියා”කියලත් සංගක්කාර වැඩිදුරටත් කිව්වේ චමින්ද වාස් ශ්‍රී ලාංකිකයකු වුනේ ලාංකිකයන්ගේම වාසනාවට යන කියමනත් කියමින්.