October 2, 2016

හිරගෙදරදී දුමින්දට ලෙඩක්

Duminda silva
මරණීය දණ්ඩනයට නියමව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා හදිසියේ හට ගත් උණ රෝග තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කොට ඇත.
මේ පිළිබඳව අප කළ විමසීමකදී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් තුෂාර උපුල්දෙණිය පැවැසුවේ ඉකුත් 28 වැනිදා හදිසියේ ඇතිවූ උණ රෝග තත්ත්වයක් හේතුවෙන් දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බවත් තවදුරටත් ප්‍රතිකාර කටයුතු සඳහා බන්ධනාගාර රෝහලේ නේවාසිකව සිටින බවත්ය.
උපුටා ගැනීම මව්බිම පුවත් පතෙන්