October 12, 2016

අධිවේගයට ලඟදීම විශේෂ වේග සීමා!

අධිවේගයට ලඟදීම විශේෂ වේග සීමා!
අධිවේගී මාර්ගයේ සිදුවන අනතුරු අවම කිරීම සඳහා ඉදිරි මාසය තුළ විශේෂ වේග සීමාවන් ස්ථාපිත කරන බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා පවසයි.
එමගින් වේග සීමාවන් උල්ලංඝණය කරන රියදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ද පහසු වන බව ඔහු පෙන්වා දෙයි.
මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැනට පවතින ආරක්ෂිත වැටට අමතරව පිටතින් වන සතුන් අධිවේගී මාර්ගයට ඇතුළු වීම වැළැක්වීම සඳහා තවත් ආරක්ෂිත වැටක් ඉදිකරන බව ද එස්. ඕපනායක මහතා වැඩිදුරටත් පැවසී ය.