October 5, 2016

යෝෂිතගේ තවත් ඉඩමක් මතුවෙයි

Image result for yoshitha rajapaksa
විශ්‍රාමික ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂගේ තවත් ඉඩමක් පිළිබඳ අනාවරණය වී ඇති තොරතුරු අනුව ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා මේ වනවිට ඔහුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් මෙතෙක් සිදු කර ඇති පරීක්ෂණවලදී අනාවරණය වී ඇති කරුණු අනුව මෙම ඉඩම යෝෂිතගේ මිත්තණිය යැයි පැවසෙන ඩේසි පොරස්ගේ නමට ලියා ඇති නමුත් තමන් ඒ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බව ඇය පවසා ඇත.
ඉඩමේ ඔප්පු ලිවීම සඳහා පැමිණි පෙර හිමිකරුවා යැයි පැවසෙන පුද්ගලයා ප්‍රකාශ කර ඇත්තේ මෙම ඉඩම සඳහා තමන්ට යෝෂිත රාජපක්ෂ විසින් රුපියල් දෙකෝටි හැට ලක්ෂයක (රු. 26,000,000) මුදලක් ලබා දුන් බවය. එහෙත් යෝෂිත රාජපක්ෂ ප්‍රකාශ කර ඇත්තේ තමන් විසින් කිසිදු මුදලක් ලබා දී නැති බවය. 
ඒ අනුව සිරිමල් උයනසමන් මාවතකෙකටිය පෙදෙස යන ලිපිනයෙහි පිහිටා ඇති මෙම ඉඩම සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා අද (05) දින මෙසේ යෝෂිත රාජපක්ෂව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබේ.