October 24, 2016

හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙක් අත්අඩංගුවට

හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙක් අත්අඩංගුවට
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා පොලීසිය විසින් වරෙන්තුවක් මත අද (24) අත්අඩංගුවට ගෙන තිබේ.
මීගමුව පොලීසිය ප්‍රකාශ කළේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා අද උදෑසන පොලීසියට භාරවීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගත් බවයි. 

පසුගිය 2002 වසරේ රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල වී තිබේ.

සැකකාර හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.