October 31, 2016

අර්ජුන මහේන්ද්‍රන්ට මඟහැර යන්න දෙන්නේ නෑ


අර්ජුන මහේන්ද්‍රන්ට මඟහැර යන්න දෙන්නේ නෑ

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට එල්ල වී ඇති චෝදනා වලින් මඟහැර යාමට ඉඩ ලබා නොදෙන බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මේ වන විට විදෙස්ගතව සිටින අර්ජුන මහේන්ද්‍රන් මහතා නැවත ලංකාවට නොපැමිණියහොත් ජාත්‍යන්තර පොලීසිය මාර්ගයෙන් හෝ ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව වළස්මුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.