පොම්පෙයි කියන්නේ අතුරුදන් වුණ නගරයක්. නමුත් ඒ වගේම තවත් නගරයක් පිළිබඳ තොරතුරු මේ වන විට වාර්තා වෙනවා. මෙම නගරයත් නොවිසඳුණු අබිරහස් අතරට එකතු වී තිබෙනවා. Atlantic Underwater City
අපි මේ කියන අත්ලාන්තික් නගරය පිහිටා තිබූ ස්ථානය බොහෝ පිරිසකට ගැටලුවක් වී තිබෙනවා. අත්ලාන්තික් නගරය බොලීවියාවේ අන්දීස් කඳුකරයට ආසන්නව තිබෙන ඇල්ටිප්ලෝනාවල පිහිටා තිබූ බවට බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ ඡායාරූප ශිල්පි ජේ.එම්. ඇලන් පවසා තිබෙන අතර අත්ලාන්තික් වාසීන් විශිෂ්ට ගෘහ නිර්මාණ ශීල්පීන් ලෙස හා ඉන්ජිනේරුවන් ලෙස කටයුතු කර තිබෙන බවට ප්ලේටෝ විසින් හඳුන්වා දී තිබෙනවා.
එමෙන්ම ඔහු තවදුරටත් පවසන ආකාරයට අත්ලාන්තික් නගරයේ මාලිගා, වරාය, දේවස්ථාන හා තටාංග පිහිටා තිබී ඇත.
තවද උණුසුම් සහ සිසිල් ජලයෙන් යුතු ජල මල්, විශාල භෝජනාගාර, පාෂාණ බිත්ති සුවිශාල මන්දිරවල තිබී තියෙනවා.
නමුත් මෙම සියල්ල හා බලන විට අත්ලාන්තික් දූපත කියන්නේ ශ්‍රී ලංකාව බව පෙනී යන අතරද අතීතයේ ශ්‍රී ලංකාව ඉතා දියුණු රටක් මෙන්ම එහි කොටසක් ගිලා බැස ඇති බවටත් මතයක් පවතිනවා.
ටොලමිගේ ලෝක සිතියමට අනුව ශ්‍රී ලංකාව ඉතා විශාල භූමියකි. නමුත් අද වන විට එය ඉතා කුඩා කොටසක් බව ඕනෑම කෙනකුට දැක බලා ගැනීමට පමණක් නොව තේරුම් ගැනීමටද පුළුවන.