October 7, 2016

මත්තලට ගිය ගුවන් යානයක කුරුල්ලෙක් හැපිලා සිද්ධ වුනු දෙයක්

Mattala International Airport
මත්තල ගුවන් තොටුපොළට Mattala International Airport ගොඩබාමින් තිබූ ගුවන්යානයක ඉදිරි එන්ජිමේ කුරුල්ලකු හැපීමෙන් එහි ගමන් කරමින් සිටි මගීන් බස්සවා ගමන නතර කර තිබේ.
ඊයේ (06දා) උදෑසන 7.15ට මත්තල ගුවන්තොටුපොළට ගොඩබාමින් තිබූ ෆ්ලයි ඩුබායි ගුවන් සමාගමකට අයත් කටුනායක සිට ඩුබායි බලා ගමන් කරන ගුවන් යානයේ මෙම කුරුල්ලා ගැටී තිබිණි. ඒ වන විට එහි ගමන් කරමින් සිටි මගීන් 43දෙනා සහ කාර්ය මණ්ඩලයේ 07 දෙනකු ගුවන් යානයෙන් බස්සවා ගමනද නතර කර තිබේ.
පසුව එම ගුවන් සමාගමට අයත් වෙනත් ගුවන් යානයක් පැමිණ මගීන් රැගෙන ඊයේ (06දා) දහවල් 1.45ට පමණ ඩුබායි බලා පිටත් විය. අනතුරුව ලක්වූ ගුවන් යානය පරීක්ෂණ කටයුතු සදහා මත්තල ගුවන්තොටුපොලේ රදවා තිබේ.