October 29, 2016

මොරටුව සරසවි පරිශ්‍රයෙන් මළ සිරුරක් හමුවෙයි

මොරටුව සරසවි පරිශ්‍රයෙන් මළ සිරුරක් හමුවෙයි
මොරටුව විශ්වවිද්‍යාල පරිශ්‍රයේ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ අද (29) උදෑසන ලද තොරතුරක් අනුව එම සිරුර සොයාගෙන ඇති බවයි.
මියගිය පුද්ගලයා කටුබැද්ද ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකු බවට හඳුනාගෙන ඇත.
අඹ ගසක් යට තිබී මොහුගේ සිරුර සොයාගෙන ඇති අතර ඔහු ගසෙන් ඇද වැටී මියයන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන මොරටුව පොලීසිය විසින් මෙහෙයවයි.