උතුරුමැද ප්‍රධාන අමාත්‍යවරයාට, ආණ්ඩුකාරවරයාට සහ ඇමති මණ්ඩලයට එරෙහිව තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස දූෂණ විරෝධී හඬ සංවිධානය විසින් කළ ඉල්ලීම උතුරු මැද පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
රුපියල් කෝටි 25ක් පමණ වටිනා රජයේ ඉදිකිරීම් කොන්ත්‍රාත් ප්‍රසම්පාදන නියමයන් උල්ලංඝණය කරමින් දේශපාලන හිතවතුන්ට ලබාදී ඇති බවට පවසමින් දූෂණ විරෝධී හඬ සංවිධානය මෙම පෙත්සම ගොනුකර තිබුණි.
ඔවුන් අදාළ නඩුව ගොනුකරමින් ඉල්ලා සිටියේ උතුරුමැද ප්‍රධාන අමාත්‍යවරයාට, ආණ්ඩුකාරවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට අදාළ ඉදිකිරීම් නතර කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසයි.
කෙසේවෙතත් අදාළ පෙත්සම අද (18) කැඳවු අවස්ථාවේ දී උතුරුමැද පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු ආදිත්‍යය පටබැඳිගේ මහතා ප්‍රකාශ කළේ මෙම පෙත්සමට නම් කළ යුතුව තිබූ වගඋත්තරකරුවන්ගේ නම් පෙත්සමට ඇතුළත් නොකිරීමෙන් තාක්ෂණික දෝෂ මතුව ඇති බවයි.
ඒ අනුව මෙම පෙත්සම මින් ඉදිරියට විභාගයට නොගැනීමට ද අධිකරණය නියෝග කර තිබේ.
කෙසේවෙතත් පෙත්සම්කාර පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් පැවසුවේ උතුරුමැද පළාත් සභාවේ ඉදිකිරීම් කොන්ත්‍රාත් ප්‍රදානය කිරීමේ ක්‍රියාවලිය නීති විරෝධී බවයි.