October 8, 2016

හදිසි විදුලි ධාරාවකින් ගෘහ උපකරණවලට හානි (PHOTOS)

හදිසි විදුලි ධාරාවකින් ගෘහ උපකරණවලට හානි (PHOTOS)
අධිබලැති විදුලි ධාරිතාවක් ගලා ඒමෙන් හැටන්, වටවල ප්‍රදේශයේ නිවාස රැසක විදුලි උපකරණවලට හානි සිදු වී තිබේ.

අද (08) අළුයම 5.00ට පමණ මෙම අනතුර සිදු වූ බව වාර්තා වේ. 

අළුයම අවදි වී නිවසේ විදුලි උපකරණ ක්‍රියාත්මක කිරිමට යෑමේ දී මෙම තත්ත්වය උද්ගත වූ බව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරයි. 

මෙහි දී ඇතැම් නිවාසවල විදුලි බුබුළු එකවරම පුපුරා ගොස් ඇති බවත්, තවත් විදුලි උපකරණ පිලිස්සී ඇති බවත් වාර්තා වේ.

මේ සම්බන්ධව විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙකුගෙන් සිදුකළ විමසීමක දී ඔහු සඳහන් කර ඇත්තේ වටවල රෝහල අසල අධිබලැති විදුලි රැහැන් පද්ධතියක් කැඩී එම රැහැන් පද්ධතිය අනෙක් රැහැන් පද්ධතිය මත වැටී මෙම අනතුර සිදුවී ඇති බවයි. 

නිවසකට සාමාන්‍යයෙන් ලබාදෙන වොට් 230ක විදුලි ධාරිතාව මෙවැනි අනතුරක දී වොට් 440 දක්වා ඉහළ යා හැකි බව ද ඔහු සඳහන් කරයි.

විදුලි උපකරණවලට සිදුවූ අලාභ හානිය මෙතෙක් තක්සේරු කර නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලය සහ වටවල පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.  

ඡායාරූප පහතින්.