November 11, 2016

වනෝද්‍යාන තුළදී වාහනවලට නව වේග සීමාවක්

වනෝද්‍යාන තුළදී වාහනවලට නව වේග සීමාවක්
ජාතික වනෝද්‍යාන තුළට ඇතුළුවීම සඳහා ලබාදෙන අවසර පත්‍රයේ සඳහන් උපදෙස් උල්ලංඝනය කරන සියලුම දෙනාට එරෙහිව නීති මගින් කටයුතු කරන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මෙහිදී ජාතික වනෝද්‍යාන තුළ වාහන ධාවනය කිරීමේදී ධාවන වේගය පැයට කිලෝ මීටර් 20ත් 25ත් අතර ප්‍රමාණයක් බවද එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය අංශය සඳහන් කරයි.
මීට අමතරව සංචාරයට පැමිණෙන සංචාරකයන් වනජීවීන්ගේ නිදහසට ගරුකරමින් පරිසර සංරක්ෂණයට දායක විය යුතු බවද එම අංශය පෙන්වා දෙයි.
වේග සීමා උල්ලංඝනය කරමින් යාල ජාතික වනෝද්‍යානය තුළ ජීප් රථයක් ධාවනය කළ රියදුරෙකුට එරෙහිව තිස්සමහාරාම අධිකරණය රුපියල් 35,000 ක දඩ මුදලක් නියම කළ බවද එම අංශය නිවේදනය කරයි.