May 2, 2019

ගායක චිලීට එරෙහිව ඇති එක නඩුවක් සමථ මණ්ඩලයට

Image result for chillie thilanka

ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් සිටි පෞද්ගලික බස් රියදුරකුට තර්ජනය කර පහරදී තුවාල සිදුකිරීමේ චෝදනාවට ඇතුළු චෝදනා රැසකට සම්බන්ද ගායන ශිල්පී වියාපරිකයකු වන චිලී නොහොත් තිවංක විදුෂ යන යට එරෙහිව සමථ මණ්ඩලයට යොමු කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ප්‍රසන්න අල්විස් මහතා පසුගියදා නියෝග කළේය. 

රජයේ නිලධාරීන්ට අපහාස වචනයෙන් බන තර්ජනය කිරීම සම්බන්දයෙන් වූ සෙසු නඩුව සම්බන්ධයෙන් උධුර්ත ගොනුකර නීතිපති වරයාට යොමු කරන ලෙසත් මහේස්ත්‍රාත් වරයා පොලිසියට නියෝග කළේය.

සැකකරු පසුගිය වසරේ ඔක්තෝබර් 06 වන දින රාත්‍රියේ බස් රථ රියදුරුට අතින් පයින් පහරදී බරපතල තුවාල සිදුකර තිබුණි. එම පහරකෑමෙන් තුවාලලත් පැමිණිලිකරු දිව පැලී මැහුම් දෙකක් දමා තලංගම රෝහලේ දින ගණනාවක් ප්‍රතිකාර ලැබිය.