January 30, 2017

ඉන්දියාවත් කළු පටි පැළද තරගයට – නායක කෝලි සියල්ල හෙළිකරයි…..


ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ පුහුණුකරු වන රාජේෂ් සවන්ත් ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර විදෙස් වාර්තා සදහන් කලේ මළ සිරුර මුම්බායි නුවර හෝටලයක තිබී සොයාගෙන ඇති බවයි.
එහි නවාතැන් ගෙන සිටි ඔහු හෘදයාබාධයකින් මියගොස් ඇති බවයි ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය නිවේදනය කළේ.

ඉන්දීය යොවුන් කණ්ඩායමේ පුහුණුකරු රාජේෂ් සවන්ත් මුම්බායි නුවරට පැමිණ ඇත්තේ එංගලන්ත යොවුන් කණ්ඩායම සමග පැවැත්වෙන තරගාවලියක් සඳහා ඉන්දීය යොවුන් පිල පුහුණුකිරීම සඳහා වන අතර එම පුහුණූ සැසිය සඳහා රාජේෂ් සවන්ත් නොපැමිණිමත් සමග ඒ පිළිබඳ සොයා බැලීමේදී ඔහුගේ මළ සිරුර හෝටල් කාමරයේ තිබී සොයා ගැනුනා.

ඉන්දීය යොවුන් ක්‍රිකට් පිලේ පුහුණුකරුගේ අභාවයට ශෝකය පලකරමින් එංගලන්තය සමග  පන්දුවාර විස්ස තරගයට ඉන්දීය කණ්ඩායම එක්ව සිටියේ කළු පටි පැළඳයි.