ඒ, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර තිබුණු එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදීය.
මෙම නඩුව පවරා ඇත්තේ අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනාගේ ලිඛිත අනුමැතියකින් තොරව බවත් එය අල්ලස් පනතට පටහැණි බැවින් කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හීන්කෙන්ද යන විත්තිකරුවන් මෙසේ නිදහස් කෙරෙන බවත් විනිසුරුවරයා ප්‍රකාශ කළේය. පසුගිය යුගයේ අල්ලස් කොමිසම විසින් පවරන ලද නඩු ගණනාවක්ම මෙම හේතුව මත නිශ්ප්‍රභ වනු දැක ගැනීමට හැකිවීම ද විශේෂත්වයකි.