රටට වැඩියෙන්ම හානි සිදුකර ඇත්තේ සහ වැඩියෙන්ම හොරකම් කර ඇත්තේ අධ්‍යාපන සුදුසුකම් වැඩියෙන්ම තිබුණු අය විසින් බවත් අධ්‍යාපන සුදුසුකම් අඩුවෙන් තිබුණු අය රටට හානි කර ඇත්තේ අඩුවෙන් බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
ඊළඟට …. ඔය ගොඩක් අය, බොහෝ අය … ඒ කියන්නෙ ලංකාවෙ ඔය කොලිෆිකේශන් තියන අය තමයි වැඩියෙන්ම ලංකාවට හානි කරලා තියෙන්නෙ. කොලිෆිකේශන් අඩු අය ලංකාවට කරලා තියෙන්නෙ අඩු හානියක්.
කෙනෙක් විද්වතෙක් වෙන්නෙ සහතික වලින්ම නෙවෙයි” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ ඊයේ (11) රත්නපුර ප්‍රදේශයේදී මාධ්‍ය අමතමිනි. උගතුන් බුද්ධිමතුන් පාර්ලිමේන්තු යැවිය යුතු බවට වියත් මග සංවිධානය ගෙනයන ප්‍රචාරණය ඉතා අඥාන අදහසක් බව හුවා දක්වමින් හෙතෙම මේ බව පැවසුවේය.
එහෙත් ඇතැමුන් චෝදනා කරන්නේ පොහොට්ටුවේ සිටින සුපුරුද මැරයන්, කුඩුකාරයන් හා අපරාධකාරයන්ට නාමයෝජනා දීම සාධාරණීකරණය කිරීම සඳහා විමල් වීරවංශ මහතා මෙලෙස පවසන බවයි.