කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳගේ ගිණුමෙන් ඩොලර් ලක්ෂ 8 ක්, සේබර් විෂන් හෝල්ඩින් සමාගම අයත් නිමල් පෙරේරා මහතාගේ ගිණුමට බැර වී ඇති බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ හෙළි විය.
නිමල් පෙරේරා මහතා නාමල් රාජපක්ෂ සමඟද සම්බන්ධයක් පවතින බැව් එහිදී කරන ලද ප්‍රශ්න කිරීම් වලදී හෙළි විය. ඒ නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවතින මූල්‍ය වංචා නඩුවකට මොහුගේද සම්බන්ධයක් පවතින බවයි. එසේම නිමල් පෙර්රා හා නාමල් රාජපක්ෂ අතර අවස්ථා කිහිපයකදීම මූල්‍යමය ගනුදෙනු සිදුව ඇති බවත් අනාවරණය වී ඇත.
මීට අමතරව නිමල් පෙරේරා විටින් විට නාමල් රාජපක්ෂ සමඟ දුරකථන ඇමතුම් හුවමාරු කරගන තිබෙන අතර ඒ පිළිබඳව දීර්ඝ ලෙස විමර්ශනය කිරීම වැළක්වීම සඳහා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බලපෑම් එල්ල වෙමින් පවතින බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
එයාර්බස් වංචාවේ මහා මොළකරුවන් අතර නාමල්ද සිටින නමුත් රජයේ ප්‍රබලයන් කිහිප දෙනෙකුම නාමල්ව ආරක්ෂා කිරීමට උත්සුක හෙයින් නාමල්ගේ නම සැමවිටම සඟවා ඇත.