September 20, 2016

එක්නැලිගොඩ සිද්ධියේ ඇප ලැබුණු 04 දෙනා යළි බන්ධනාගාරයට

Image result for eknaligodaප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඊයේ (19) ඇප නියම වූ සැකකරුවන් සිව් දෙනා අද  (20) ඇප මත මුදා හැරුනේ නැහැ.
ඒ, අදාළ ඇප නියෝගය අවිස්සාවේල්ල මහාධිකරණයෙන් හෝමාගම මහේස්ත‍්‍රාත්වරයා වෙත ලැබී නොතිබීම හේතුවෙන්.
ඒ අනුව සැකකරුවන් සිව්දෙනා අනිද්දා (22) දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.