September 20, 2016

හිමිනමක් පැහැරගෙන ගොස් පහරදීලා (PHOTOS)

unnamed-1
වයස අවුරුදු 18 ක හිමිනමක් අද (20) පස්වරුවේ වෑන් රථයකින් පැහැරගෙන ගොස් තිබෙනවා.
තෙල්දෙණිය වෑගල ප්‍රදේශයේදී තියුණු ආයුධයක් පෙන්වා මරණ බවට තර්ජනය කොට මෙම හිමිනම පැහැරගෙන ගොස් ඇති අතර පසුව පහරදී අතරමගදී වෑන් රථයෙන් බිමට ඇදදමා වෑන් රථයේ පැමිණි පිරිස පළාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
පසුව පහරකෑමට ලක්වූ හිමිනම යළි  බස්රථයක නැගී තෙල්දෙණිය රෝහලට පැමිණ  තිබෙනවා.
හිමිනම තෙල්දෙණිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්දයෙන් තෙල්දෙණිය පොලිසිය පරීක්ෂණ පවත්වනවා.
unnamed
unnamed-1