September 23, 2016

හැඳුනුම්පත් කාර්යාලයේ තැන වෙනස්වෙයි - අද හා 26 එක්‌දින සේවාව නෑ

හැඳුනුම්පත් කාර්යාලයේ තැන වෙනස්වෙයි - අද හා 26 එක්‌දින සේවාව නෑ
ජාතික හැඳුනුම්පත් ලබාදීමේ එක්‌දින සේවාවන් අද(23) හා 26 වැනිදා යන දිනවල ක්‍රියාත්මක නොකරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව බත්තරමුල්ල පිහිටි 'සුහුරුපාය' ගොඩනැගිල්ලේ ස්‌ථාපිත කිරීමේ කටයුතු හේතුවෙන් එම දිනවල එක්‌දින සේවාවන් අත්හිටුවා තිබේ.

ලබන 27 වැනිදා (අඟහරුවාදා) දින සිට සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි නව කාර්යාලයේ සිට එක්‌දින සේවාවන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව එම දෙපාර්තමෙන්තුව පවසයි.