September 23, 2016

මෛත්‍රී එක්ක සමුළුවට ගිය එජාප මන්ත්‍රීන්ට වැඩ වරදී? - අගමැති වාර්තාවක්‌ ඉල්ලයි

මෛත්‍රී එක්ක සමුළුවට ගිය එජාප මන්ත්‍රීන්ට වැඩ වරදී? - අගමැති වාර්තාවක්‌ ඉල්ලයි

එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ 71 වැනි සැසිවාරයට අමෙරිකාවට ගිය එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන් නිසි අවසර ගත් ආකාරය පිළිබඳව වහාම වාර්තාවක්‌ ලබාදෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය වෙත උපදෙස්‌ දී ඇතැයි වාර්තාවේ.

එම සංචාරයට එක්‌වූ එජාප මන්ත්‍රීවරුන්ගේ ලේඛනයක්‌ අවශ්‍ය බවත් අමෙරිකාවට ගිය එම මන්ත්‍රීවරුන් සිදුකර ඇති රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබඳ කරුණුද මෙම වාර්තාවට ඇතුළත් කරන ලෙසත් අගමැතිවරයා දන්වා තිබේ.

මෙම සංචාරයට එක්‌වීම සම්බන්ධව මෙන්ම ඊට අවසර ලබාගත් ආකාරය ඇතුළු සියලු කරුණු ඇතුළත් වාර්තාවක්‌ අගමැති වෙත සභානායක කාර්යාලය විසින් ලබා දීමට නියමිතය.