කුරුණෑගල සිට දඹුල්ල දක්වා කිලෝ මීටර් 60ක් වන මධ්‍යම අධිවේගී මාර්ගයේ 4 වන කොටස ඉදි කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
'රජරට නවෝදය' සංවර්ධන වැඩසටහන යටතේ, දැනට පවත්නා මාර්ග කිලෝමීටර 150ක් පුනරුත්ථාපනය කිරීමට සහ නව මාර්ග කිලෝමීටර 100ක් ඉදි කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව කුරුණෑගලින් ආරම්භ වී දඹුල්ල දක්වා දිවෙන, කිලෝමීටර 60ක දිගින් යුතු, යෝජිත මධ්‍යම අධිවේගී මාර්ගයේ 4 වන කොටස ඉදි කිරීමේ ව්‍යාපෘතිය 'රජරට නවෝදය' සංවර්ධන වැඩසටහන යටතේ සිදු කිරීමට නියමිතය.