September 18, 2016

ලබන වසරේ සිට සිසුන්ට විද්‍යාවට ඊ-පෙළපොතක්‌


ලබන වසරේදී 11 ශ්‍රේණියේ විද්‍යාව විෂය සඳහා පරිගණක චලන චිත්‍ර (Animations) සහිත ඊ - පෙළපොතක්‌ (E-Text book) හඳුන්වා දීමට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇතැයි වාර්තා වේ.
මුද්‍රිත පෙළපොතට අමතරව CD තැටියකින් මෙම ඊ පෙළපොත ද සිසුන් අතට පත් කෙරෙන අතර මේ සඳහා රුපියල් දශලක්‍ෂ විස්‌සකට අධික මුදලක්‌ වැය කෙරේ.
ඊ - පෙළපොත සැකසීම සඳහා අයදුම්පත් කැඳවීමට අනුව ආයතන දහයක්‌ පමණ ඉල්ලුම් කර තිබේ. සුදුසුකම් පරීක්‍ෂා කර මේ අතරින් ආයතනයක්‌ තෝරා ගැනීමට නියමිතය. පෙළපොත සකස්‌ කිරිම සඳහා මාස හයක පමණ කාලයක්‌ ගතවනු ඇතැයි පැවසේ.
විද්‍යාව විෂයයේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත පාඩම් සඳහා මෙම පරිගණක චලන චිත්‍ර අතිශයින් වැදගත් වන අතර උදාහරණයක්‌ ලෙස යම් සිසුවකුට ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය මෙම ඊ - පොළපොත මගින් ලබාගත හැකිය.
ප්‍රථමයෙන් 11 ශ්‍රේණියට හඳුන්වා දී පසුව ඉන් පහළ ශ්‍රේණි සඳහා ද ඊ - පෙළපොත හඳුන්වා දීමට නියමිතය.