කැළණිය රාජමහා විහාරයේ පැරණි බිතු සිතුවම් ප්‍රතිසංස්කරණය කිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇති බව කැළණිය රාජමහා විහාරාධිපති කැළණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් පවසයි.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ උන්වහන්සේ කියාසිටියේ විහාරස්ථානයේ ඇති පැරණි බිතු සිතුවම් දුර්වර්ණවීම් සහ ඉරිතැලීම් සිදුව ඇති නිසා ඒවා පිළිසකර කරදෙන ලෙස ඉල්ලා මීට වසර 03කට පමණ පෙර සිට පසුගිය රජයෙන් ඉල්ලා සිටියද එම සංරක්ෂණ කටයුතු සිදුනොවූ බවයි.
ඉන්පසුව යහපාලන රජය පත්වීමත් සමඟ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කළ ඉල්ලීමක් අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් මත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ වනවිට සංරක්ෂණ කටයුතු ආරම්භ කර ඇතැයිද ලෝක ප්‍රසිද්ධ සිතුවම් සංරක්ෂණය කිරීම ජාතිය සතු වගකීමක් බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.