September 13, 2016

මා දුටු ජනවාරි 8 – විප්ලවයේ සැබෑ තතු කරළියට!!!


විපක්ශයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මැතිවරණ ජයග්‍රහණය පසුපස වූ සත්‍ය කතාව ඇතුලත් කොට පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතා විසින් රචිත “මා දුටු ජනවාරි 8” කෘතිය අද සවස හයට කින්ග්ස්බරි හෝටලයේ බැල්මරයින් ශාලාවේදී ජනාධිපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් දොරට වැඩීමට නියමිතය.
ජනවාරි 8 විප්ලවයේ තිරය පිටුපස මෙහෙයුමේ වැදගත් තොරතුරු රැසක් මෙම ග්‍රන්තයේ අන්තර්ගත කර ඇති අතර කෘතිය දොරට වැඩිමේ උත්සවය සදහා ජනාධිපතිතුමන්ගේ මැතිවරණ මෙහෙයුම භාරව සිටි තිරය පිටුපස වගකීම් ඉටුකල බොහෝ දෙනෙකුටද කතෘවරයා විසින් ආරාධනා කර ඇත.