ඊට හේතුව කිසිම ලංගම සේවකයෙකු තමා විසින් බඳවාගෙන නොමැති වීම බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
එමෙන්ම දේශපාලනය කිරීම සඳහා ලංගමය තමා කිසිම දිනෙක තෝතැන්නක් කර නොගන්නා බවත් කිසිදු දේශපාලන පක්ෂයකට පක්ෂග්‍රාහීව කටයුතු නොකරන බවත් හෙතෙම පසුගියදා නාරාහේන්පිට ශාලිකා ශාලාවේ පැවති උත්සව අවස්ථාවකදී පැවසී ය.
කිසිදු දේශපාලන පක්ෂයකට නොමිලේ ශ්‍රී ලංගම බස්රථ ලබා නොදුන් බවත් ලංගමය නඟා සිටුවීමට තිරය පිටුපස සිට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.