September 9, 2016

හෝමාගමදී ටිපර් රථයක් දුම්රියේ ගැටෙයි


අද (09) උදෑසන හෝමාගම - නගර සීමා මාවතේ දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියේ ගැටුණු ටිපර් රථයකට අලාභ හානි සිදුවී තිබේ.

මරදානේ සිට හෝමාගම බලා උදෑසන 05.00 ට පිටත් වූ දුම්රියේ මෙම ටිපර් රථය ගැටී ඇති අතර ටිපර් රථයේ රියදුරාට හෝ කිසිවෙකුට ඉන් හානියක් සිදුවී නොමැත.

මෙම දුම්රිය හරස් මාර්ගයේ ස්වයංක්‍රීය දුම්රිය ගේට්ටු යොදා තිබුණ ද අනතුර සිදුවන අවස්ථාවේදී ඒවා ක්‍රියාත්මක වී නොමැති බව වාර්තා වේ.

අනතුරු ඇගවීමේ ආලෝක සංඥා පුවරු ද ඒ අවස්ථාවේදී ක්‍රියාත්මක වී නොමැති බව පොලිසිය සඳහන් කරයි.
මේ හේතුවෙන් අද උදෑසන කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන්වලටද බාධා ඇතිවී තිබේ.