ධීවර සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස සීමාසහිත සී නෝර් පදනමේ සභාපති ජගත් පෙරේරා මහතා පත් කර තිබේ.
ඊයේ (08) ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඒ බව පැවසීය.
ධීවර සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්වීම් ලැබුවද ජගත් පෙරේරා මහතා ඒ
වෙනුවෙන් වැටුපක් නොලබන බවත් ඔහු ඉදිරියටත් සීමාසහිත සී නෝර් පදනමේ
සභාපතිවරයා ලෙස කටයුතු කරන බවත් අමාත්‍ය අමරවීර මහතා එහිදී වැඩිදුරටත්
සඳහන් කර සිටියේය.