ටෙනිස් බෝලයේ කුඩු සැඟවූ 'කොණ්ඩ චමින්දගේ' ගෝලයා September 12, 2016 කළුතර බන්ධනාගාරය තුළට හෙරොයින් සහ කේරළ ගංජා ඇතුළත් කෙරූ ටෙනිස් බෝලයක් විසි කරන්නට තැත් කළ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොහු සතුව කුඩු ග්‍රෑම් 03ක් තිබූ බව ද කළුතර පොලීසිය ප්‍රකාශ කරයි. අදාළ සැකකරු කුඩු ජාවාරමට සම්බන්ධව බන්ධනාගාර ගතව සිටින 'කොණ්ඩ චමින්ද' නමැත්තාගේ ගෝලයකු බවට පොලීසිය විසින් තොරතුරු අනාවරණය කරගෙන තිබේ.