September 12, 2016

සිනමා පාසලක් ???


දැනටමත් සිනමා පාසලක් පිහිටුවීම ගැන අවධානය යොමු කර ඇති බවත් සිනමා ශාලා ඩිජිටල්කරණය කිරීම පිළිබඳව ප්‍රමුඛ අවධානයක් යොමු කර තිබෙන බවත් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කර සිටියේ, ඊයේ (8) පාර්ලිමේන්තුවේ දී ටෙලිනාට්‍ය, චිත්‍රපටය, කලාව සහ කලාකරුවා සම්බන්ධයෙන් විපක්ෂය විසින් ගෙනා සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයට එක්වෙමිනි.

දැනටමත් සිනමා පාසලක් පිහිටුවීම ගැන අවධානය යොමු කර තිබෙනවා. ඒ සඳහා වර්ග අඩි හතළිස්දහසක බිමක් හඳුනාගෙන තිබෙනවා. මෙවැනි සිනමා පාසලක් අවශ්‍යයි. ටෙලිනාට්‍ය විද්වත් මණ්ඩලයට අපි ඇඟිලි ගසන්නේ නෑ. ජනතාවගේ රසාඥ්ඥතාව වර්ධනය කිරීමට අමාත්‍යාංශය කටයුතු කරනවා. රසවින්දනයට භේදයක් නෑ යැයි ද අමාත්‍යවරයා පැවසී ය.