නව ගුවන් හමුදාපති කපිල ජයම්පති September 12, 2016 ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව ගුවන් හමුදාපතිවරයා වශයෙන් එයාර් වයිස් මාෂල් කපිල ජයම්පති මහතා පත් කොට තිබේ. නව පත්වීම සමඟ ඒ මහතා එයාර් මාෂල නිලය දක්වා උසස් කොට ඇත. 1982 වසරේදී කැඩෙට් නිලධාරියෙකු ලෙස ගුවන් හමුදාවට එක්වූ ඒ මහතා 1985 වසරේදී අධිකාරියට පත්ව තිබේ. වසර 36ක හමුදා දිවියේදී වීර වික්‍රම විභූෂණ, රණ වික්‍රම පදක්කම, රණ සේවා පදක්කම යන හමුදා ක්ෂේත්‍රයේ ඉහළම පදක්කම් හිමිකර ගැනීමට ඔහු සමත්ව තිබෙනවා.