මහින්දානන්දටත් නඩුවක්!!!!
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිසම විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.
මහින්දානන්ද අළුත්ගමගේ මහතා ක්‍රිඩා අමාත්‍යවරයාව කටයුතු කළ සමයේ තෝරාගත් පාසල් සහ ක්‍රීඩා සංගම්වලට රුපියල් මිලියන 53ක් පමණ වටිනා උපකරණ බෙදාදීමේ මුවාවෙන් එම උපකරණ දේශපාලන කටයුතු සඳහා යොදාගත් බව කියන සිද්ධියකට අදාළව එම නඩුව පැවරූ බව අල්ලස් කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවසුවේය.
මීට අමතරව අදාළ උපකරණ ක්‍රීඩා අමාත්‍යංශයේ ගබඩාවට ගෙන යාමට කටයුතු නොකිරීමේ චෝදනාව මත එවකට ක්‍රිඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නිශාන්ත ගුණසේකර යන අයද මෙම නඩුවේ චූදිතයෙකු ලෙස නම් කර තිබේ.
ඒ අනුව නඩුව සළකා බැලූ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඔවුන් දෙදෙනාට ලබන 27 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවසුවේය.