September 8, 2016

නිට්ටඹුවේ ගින්නක්


නිට්ටඹුව, බටදොලේ පාරේ පිහිටි ව්‍යාපාරික ස්ථානයක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබේ.

ඇළුමිනියම්, රබර් සහ වීදුරු ඇතුළු භාණ්ඩ වර්ග ගබඩා සංකීර්ණයක් හා එහි කාර්යාල පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක මෙම ගින්න හටගෙන ඇතැයි පොලීසිය කියයි.

ගම්පහ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරමින් සිටියි.