September 8, 2016

අධිකරණයේ බාධක මැද හිරු සම්මාන උළෙල ඉදිරියටම!!!

හිරු මාධ්‍ය ජාලයේ සභාපති රෙවෙනෝ ද සිල්වා මහතාගේ සොහොයුරා වන දුමින්ද සිල්වා මහතාට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩන පැමිණ වුවද එලඹෙන 11 වනදා නෙළුම් පොකුණ රඟහලේ පැවැත්වීමට නියමිත හිරු ගෝල්ඩන් සිනමා සම්මාන උළෙල කිසිදු බාධාවකින් තොරව පැවැත්වෙන බව එම මාධ්‍ය ජාලය නිවේදනය කලා. මෙම සිදුවීමත් සමඟ සම්මාන උළෙල කල් යනු ඇතැයි කතාබහක් සමාජජාල මාධ්‍යන්හී ඇතිවී ඇත. සහෝදයා කෙරෙහි තමන් තුල වූ හැගීමත් සිය ව්‍යාපාරික අරමුණුත් අතර පැහැදිලි බෙදුම් රේඛාවක් සහිත බවත් තමන් කිසි දිනකවත් එය පටලවා නොගන්නා බවත් රෙනෝ ද සිල්වා මහතා සිය සමාගමේ අධ්‍යක්ෂක වරයෙකුට පවසා ඇති බවද වාර්තා වේ.